මැයි දිනේට හයිඩ් පිටිය බෙදාගන්න පොරයක්..
මැයි රැලි දෙකක් සඳහා කොළඹ හයිඩ් පිටිය දේශපාලන පක්ෂ විසින් වෙන් කිරීම නිසා මත භේදාත්මක තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වනවා.
ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහා කොමියුනිස්ට් පක්ෂ අතරයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය මැයි රැලිය සඳහා කොළඹ මහනගර සභාවෙන් එම ක්‍රීඩාංගණය වෙන්කර ගෙන ඇත්තේ ජනවාරි මාසයේදීය.
එහෙත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂ, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා ශ්‍රී ලංකා මහජන පක්ෂය ඒකාබද්ධ මැයි රැලිය සඳහා එම ක්‍රීඩාංගණය වෙන්කරගෙන ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් 11 වැනිදා ය.
මේ නිසා එකම දිනයේ ක්‍රීඩාංගණය දේශපාලන පක්ෂ දෙකකට ලබාදීමට නොහැකිවීම හේතුවෙන් කොළඹ මහ නගර සභාව සහ පොලිසිය එක්ව දේශපාලන පක්ෂ සමග පැවැත්වූ සාකච්ඡා ද අසාර්ථක වී තිබෙනවා.
කෙසේ වෙතත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රකාශ කරන්නේ ක්‍රීඩාංගණය ලබානොදීම නිසා කොළඹ මහ නගර සභාවට එරෙහිව නඩු පවරන බවයි.
