නාවික හමුදා සෙබළෙකුගේ පා පහරකින් සිව් මස් කලලයක් විනාශ වෙයි.

Sri Lanka
By Wayomi Feb 20, 2023 07:10 AM GMT
Wayomi

Wayomi

Report

ගණේමුල්ල අමුණුගොඩ නිවසක පැවති උපන්දින සාදයක දී අතිවූ ගැටුමක් අතර ගැබිණි කාන්තාවගේ උදරයට පා පහර එල්ල කළ නාවික හමුදාවේ සෙබළෙක් ගනේමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස පා පහර කෑ සිවු මස් ගැබිනිය බොරැල්ල ද සොයිසා රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ කලලය පා පහරවැදීමෙන් විනාශයට පත්ව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පොලිසියට පවසා ඇත්තේ.

සැකකාර නාවික හමුදා සෙබළාගේ සහෝදරියකගේ නිවසේ උපන්දින සාදයක් පවත්වා ඇති අතර එයට මෙම නාවික සෙබළා ද සහභාගි වී තිබෙනවා.

මෙම ගැටුමට හේතු වී ඇත්තේ, මෙම නාවික සෙබළාගේ සහෝදරියගේ සැමියගේ සහෝදරයකු සහ නාවික සෙබළ අතර බහින්බස් වීමක් බවයි වාර්තා වන්නේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...        

JOIN NOW