දියණියට ලිංගික අපයෝජන කළ පියෙකුට ලැබුණු බරපතල දඬුවම්.
Sri Lanka Police
Sri Lanka
Crime
By Wayomi
තම දියණිය ලිංගික අපයෝජනය කල බවට වරදකරු වූ පියෙකුට බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කර තිබෙනවා.
ඒ, චෝදනා දෙකක් යටතේ එක් චෝදනාවකට වසර දහය බැගින් වසර විස්සක සිර දඬුවම්.
මීට අමතරව බලපිටිය මහාධිකරණ විනිසුරු නියෝග කරනු ලැබුවේ ඔහුට රුපියල් හතලිස් දහසක දඩ මුදලක් සහ 15 හැවිරිදි දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසයි.
සැකකාර පුද්ගලයා පිටිගල යොන්ගලවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර දැරියගේ මව විදේශගත වී ඇති අතර, 2013 වසරේ කිහිපවතාවක්ම දැරිය අපයෝජනයට ලක් වී ඇත.
