නව වසර සාදයකට සහභාගි වු සිව්දරු පියා අභිරහස් ලෙස ජිවිතක්ෂයට….

dies mysteriously
By Thaya Jan 02, 2021 09:27 PM GMT
Thaya

Thaya

Report

නව වසර උදාවේ සාදයකට සහභාගි වු සිව්දරු පියා තේ වත්තේ (01) දින අභිරහස් ලෙස මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් වත්තේ පදිංචි ආරුමුගන් කුමාර් නැමති 39 හැවිරිදි සිව්දරු පියෙකි.

එම වතු යායේම තවත් පිරිසක් සමග (31) රාත්‍රි 8 ට පමණ නව වසර උදාවට සාදයක් පැවැත්වෙන බවත් , තමන් එම සාදයට සහභාගි විම සදහා යන බව තමන්ට පවසා නිවසින් පිටව ගිය සැමියා ආපසු නොපැමිණි නිසා සැමියාව සොයන අවස්තාවේ සැමියා තේ වත්ත මැද අභිරහස් මියගොස් සිටි බවයි ජිවිතක්ෂයට පත් සිව්දරු පියාගේ බිරිද පවසන්නේ.

මත්පැන් සාදයට සහභාගි වු එම වතු යායේ තරුණයෙකු කියා සිටියේ මිය ගිය අය සමග මත්පැන් සාදයක් පැවැත් වු බවත් , එම සාදය පැවැත්විමෙන් පසු සියළු දෙනාම වෙන් වෙන්ව නිවාස වලට පිටව ගිය බවයි.

මත්පැන් සාදය පැවැත් වු ස්ථානයට මදක් දුරින් තේ වත්තේ සිව්දරු පියාගේ සිරුර තිබි හමු වු බවත් , සිරුර සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන බව හැටන් පොලිසිය පැවසිය.