දියණියගේ පෙම්වතාට වෙඩි තැබීමට ගිය පියා පෙම්වතාගෙන් ගුටි කා මරුට...

crime shot Uragasmanhandhiya karuvalagoda
By Sewvandhi Nov 02, 2021 01:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ කරුවලගොඩ ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් අතුරතුර සිදුව ඇති පහර දීමකින් හා වෙඩි තැබීමකින් පුද්ලගලයින් දෙදෙනෙකු තුවාල ලබා එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මිය ගිය පුද්ගලයා 51 හැවිරිදි කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි. අදාළ පුද්ගලයා මිය ගොස් ඇත්තේ ආරවුල සිදු වූ අවස්ථාවේදී 24 හැවිරිදි තරුණයෙතු විසින් සිදු කරනු ලැබ ඇති පහරදීමක් හේතුවෙන්.

මෙම පහරදීම සිදු කර ඇති තරුණයා මිය ගිය පුද්ගලයාගේ දියණිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. ඊට විරෝධය පෑමට මරණකරු සහ තවත් පුද්ගලයෙකු ගිනි අවියක් ද රැගෙන අදාළ තරුණයාගේ නිවසට ගොස් වෙඩි තැබීමක් සිදු කර ඇති අතර එම වෙඩි පහරින් තරුණයාගේ මව තුවාල ලබා ඇත.

එම අවස්ථාවේ අදාළ තරුණයා, වෙඩි තැබීම සිදු කළ මරණකරුට සහ ඔහු සමග පැමිණ අනෙක් පුද්ගලයාට පහර දීමක් සිදු කර ඇති අතර එම පහරදීමෙන් මෙම ඝාතනය සිදුව තිබේ.

පහර දීම සිදු කළ සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඌරගස්මංහන්දිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now