වගුරු බිමෙන් මතුවු නිෂ්පාදනාගාරයක් ...
මුතුරාජවෙල වගුරු බිමක ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ හයක් වටිනා මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්පැන් නිෂ්පාදනාගාරයේ කසිප්පු මිලි ලීටර් 532,500 ක් ,ගෝඩා මිලි ලීටර 360,000 ක් දගර හා උපකරණ රැසක් තිබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.
අදාල සැකකරු වත්තල හා හැදල ප්‍රදේශය ආශ්‍රිතව මුතුරාජවෙල වගුරු බිමෙහි ඉතා රහසිගතව කාලයක් තිස්සේ මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වගෙන ගොස් ඇත්තේ ලෙහෙසියෙන් එම ස්ථානයට කිසිවකුට යාමට නොහැකි වන බැවිණි.මහජනයාගෙන් ලද තොරතුරකට අනුව කළ සෝදිසි මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරු තිස් හැවිරිදි වත්තල ප්‍රදේශයේම පදිංචි කරුවෙකු බව සුරාබදු නිලධාරීන් පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 25 වැනි දින වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි , සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ හා කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශයෙහි අධිකාරි චන්න වීරක්කොඩි මහතාගේ උපදෙස් මත, කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශයෙහි ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් ,සුරාබදු පරීක්ෂක එස්. කේ. රාජපක්ෂ, කෝප්‍රල්වරුන්වන 820 සිසිල්, 825 මංජුල, 828 හර්ෂ, 997 නිලන්ත සහ සුරාබදු රියදුරු අනුර යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.