පොලිසියට පහර දුන් රියදුරා..!
අද (15) අලුයම් කාලයේදී හුංගම පොලිස් වසමේ දී බීමත්ව රිය ධාවනය කරමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරීයට බාධාකළ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ
රන්න දෙස සිට හුංගම දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් පරීක්ෂා කිරීම සඳහා නවතන ලෙස පොලීසිය විසින් සංඥා කර තිබුණි. එහිදී රියදුරා හා එහි සිටි තවත් පුද්ගලයෙකු පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැනවදිමින් රථය නොනවත්වා ඉදිරියට ධාවනය කර තිබේ.
පසුව පොලිස් නිධාරීන් විසින් මෝටර් රථය ලුහුබැඳ ගොස් පළායමින් සිටි මෝටර් රථය නවතා ගෙන තිබේ. එහිදී රියදුරු බීමත්ව සිටින බවට නිරීක්ෂණය වී ඇති අතර ඔහුව මෝටර් රථයත් සමග අත්අඩංගුවට ගෙන ඇත.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 37 හැවිරිදි පල්ලෙගම, හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුගේ බීමත්කම පරීක්ෂා කිරීම සඳහා පොලිස් ස්ථානයට රැගෙන යමින් සිටින අතරුතුර සැකකරු විසින් පොලිස් නිලධාරීන් වෙත නැවත වතාවක් පරුෂ වචනයෙන් බැනවදිමින් ඔහුගේ හිසින් පොලිස් නිලධාරියෙකුගේ මුහුණට පහරදී ඇත.
එහිදී එම නිලධාරියා තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා රන්න රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි. සැකකරු අද (15) අඟුණුකොළපැලැස්ස මහෙස්ත්‍රාත් අධිකණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
