චූන් පාන් රියැදුරා 84 හැවිරිදි කතට ලිංගික අතවර කරලා
ජංගම අලෙවියේ යෙදුණු පළමු දිනයේ ම නිවසකට ඇතුළු වී 84 වියැති කාන්තාවකට ලිංගික අතවර සිදුකර ප්‍රදේශයෙන් පළාගොස් සිටි 37 හැවිරිදි අයෙකු මාස අටකට පසුව අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන්ට හැකිව තිබේ.
ඉකුත් පෙබරවාරි මාසයේ 28 දින මෙම සිද්ධිය වැලිපැන්න පොලිස් බල ප්‍රදේශයේ සිදුවී ඇති බවත් එදින සිට එම සිද්ධියේ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් විවිධ තැන්වල වසන් වෙමින් කුලී රැකියා කර ඇති බවත් එම ඒකකයේ නිලධාරින් පැවසීය.
ඔවුන් සඳහන් කළේ, සැකකරු වින්දිත කාන්තාවට මෙම අපරාධය සිදුකර ඇත්තේ, කලක් එම ප්‍රදේශයේ බේකරියක චූන් පාන් රථයක තාවකාලික රියැදුරෙකු ලෙස කටයුතු කර මින් සිටියදී බවය.
ඒ අනුව, එදින සිට පළාගොස් සිටි සැකකරු සම්බන්ධයෙන් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මාස කිහිපයක් විමර්ශන සිදුකර හිඹුටාන අංගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු ගෙන තිබේ. අත්අඩංගුවටගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |