කාන්තා රැඳවියන්ට ජංගම දුරකථන විකිණූ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා..
කාන්තා රැඳවියන්ට ජංගම දුරකථන හා ඊට අදාළ උපාංග ලබාදීම සම්බන්ධයෙන් බෝගම්බර බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිළධාරීවරයාව අද (29) අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රථිකාර ලබා ගැනීට පැමිණෙන කාන්තා රැඳවියන්ට මෙම වෛද්‍යවරයා විසින් ජංගම දුරකථන හා ඊට අදාළ උපාංග ලබාදෙන බවට ලද තොරතුරු මත බන්ධනාගාර අධිකාරීවරයා විසින් නිළධාරීන් කණ්ඩායමක් යොදවා එම සැකකාර වෛද්‍යවරයාව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකාර වෛද්‍යවරයාගේ නමට මුදල් බැරකළ රිසිට් පතක් සහ තවත් තොරතුරු එහිදී අනාවරණය වී ඇත. ඒ් අනුව ප්‍රධාන වෛද්‍ය නිළධාරීවරයා සිටින බන්ධනාගාර රෝහලේ නිල කාමරය තුළදී වෛද්‍ය ප්‍රථිකාර ලබා ගැනීමට පැමිණි සැකකාරීයකට ජංගම දුරකථන ආරෝපණයක් හා ජංගම දුරකථන බැටරි දෙකක් ලබාදීමට උත්සාහ දැරූ අවස්ථාවේ දී මෙම සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට බව බන්ධනාගාර අධිකාරීවරයා පවසයි.
සැකකාර වෛද්‍යවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු මීට පෙරද ජංගම දුරකථන කාන්තා රැඳවියන්ට මුදලට විකුණා ඇති බව පිළිගෙන තිබේ. සිදුවීම සම්බන්ධයෙන් පල්ලේකැලේ පොලීසිය වෙත දැනුම්දී ඇති අතර, සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙකු යොදවා මුලික විමර්ෂණයක් සිදුකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |