අඩු ආදායම් පාසල් වලට වාසියක්...තීරණයක් ගනී

Ministry of Education Sri Lanka Education schools Sinhala news
By Akash May 26, 2025 02:23 AM GMT
Akash

Akash

Report

අඩු පහසුකම් සහිත පාසල්වලට බස් රථ ලබාදීමට කර්මාන්ත අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (24) ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනයට අයත් හෝමාගම කර්මාන්ත ශාලාව නිරීක්ෂණයට එක් වෙමිනි.

යහපත් ඇසුර සහ යහපත් ආර්ථිකයක් හිමි වන්නේ කුමන ලග්න හිමියන්ට ද - අද දිනට ලග්න පලාපළ

යහපත් ඇසුර සහ යහපත් ආර්ථිකයක් හිමි වන්නේ කුමන ලග්න හිමියන්ට ද - අද දිනට ලග්න පලාපළ

ශ්‍රී ලංකාව සහ ඉන්දියානු රජයන් එක්ව ඒකාබද්ධව සාර්ථකව පවත්වාගෙන යන මේ ආයතනයෙන් උතුරු, නැඟෙනහිර, වතුකර සහ ග්‍රාමීය ජනතාවගේ භාවිතයට අඩු මිල නවීන තාක්ෂණය සහිත නවතම නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමට කටයුතු කරයි.

විශේෂයෙන්ම පාසල්, විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතනවලට අවශ්‍ය බස් රථ ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය හරහා නිෂ්පාදනය කර පහසු මිලකට දීමට කටයුතු කෙරේ.

ඉරිදියේදී Made in Sri Lanka නාමය යටතේ ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනයේ නිෂ්පාදන ඉහළ මට්ටමකට ගෙන ඒමටත්, ආයතනයේ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් පුළුල් කරමින් අනෙකුත් රටවල් සඳහා ද අපනයන කටයුතු පුළුල් කිරීමටත් අපේක්ෂා කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය. “ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය අපේ අමාත්‍යාංශය යටතේ තිබෙන ලංකා ලේලන්ඩ් ආයතනය සමඟ ඒකාබද්ධව වැඩ කරන සමාගමක්.

අපේ රට සහ ඉන්දියාව අතර ව්‍යාපාරයක් හැටියට මේ ආයතනය පවත්වාගෙන යනවා. මේ ආයතනයෙන් වාහන සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරනවා.

ධීවර හා නාවික ප්‍රජාවට දැඩි අවවාදාත්මක නිවේදනයක්

ධීවර හා නාවික ප්‍රජාවට දැඩි අවවාදාත්මක නිවේදනයක්

ඒ වගේම උපාංග කොටස් කිහිපයක් පමණක් ගෙනත් ලංකාවෙන් විශාල ප්‍රමාණයක අගය එකතු කළ වාහන තියෙනවා. ඉන්ධන ප්‍රවාහනය කරන්න අපහසු තැන්වලට ජංගම ඉන්ධන රථයක් නිෂ්පාදනය කර තිබෙනවා.

සෑම පාසලකටම බස් රථ නෑ. ඉදිරියේදී කර්මාන්ත අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධ වැඩසටහනක් යටතේ අඩු පහසුකම් සහිත පාසල්වලට ඉතාම අඩු මුදලකට එහෙම නැත්නම් රජයේ පරිත්‍යාගයක් හැටියට බස් රථ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ සමහර පෞද්ගලික අංශයේ ආයතනවල, ඒ වගේම තේ කර්මාන්ත ශාලාවල ඉන්දියානු ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් වැඩ කරනවා.

නමුත් කොටසක් ඉන්දියාවට අයිති මේ සමාගමේ සේවය කරන්නේ ශ්‍රී ලාංකිකයන්. ගාස්තු අය කිරීමකින් තොරව ආයතනයෙන් ගෙවීමක් කර අපේ තාක්ෂණික විද්‍යාලවල ඉගෙනුම ලබන දරුවන්ට මෙහි පුහුණු පාඨමාලා පවත්වාගෙන ද යනවා. ඔවුන් මේ ආයතනයේ ස්ථිර සේවයටත් අරන් තියෙනවා.

ලුණු හිඟය අඩුවෙද්දී පොල් ගෙඩියක මිල රු. 250 ඉක්මවයි

ලුණු හිඟය අඩුවෙද්දී පොල් ගෙඩියක මිල රු. 250 ඉක්මවයි

ඒක ඉතාම හොඳ සමාජ සත්කාරයක්. මීට පෙර මේ ආයතනය කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තිබුණාට කර්මාන්ත අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධව ව්‍යාපෘති ක්‍රියාත්මක කර නෑ. එක අධ්‍යක්ෂ මණ්ඩලයක් හැටියට කටයුතු කර ඉදිරියේදී අපේ රටට ගැළපෙන නව තාක්ෂණය සහිත නිෂ්පාදන හඳුන්වා දෙන්න අපි තීරණය කළා.

ලංකා ලේලන්ඩ් ආයතනයත්, ලංකා අශෝක ලේලන්ඩ් ආයතනයත් ඒකාබද්ධව විශාල වැඩකොටසක් කරන්න පුළුවන්කම තියෙනවා. අපේ රටට ගෙන්වන වාහනවල මිල අධික වෙලා තියෙනවා.

ඉදිරියේදී ආනයනය කරන වාහනවල ඇති ගුණාත්මකභාවයෙන්ම වාහන නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. බවුසර් වගේ විශාල වාහන සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරන්නේ ලංකාවේ. මේ අවස්ථාව අපි හරියට ප්‍රයෝජනයට ගන්න ඕනෙ.

රටේ ජනතාවට වාහන අවශ්‍යතාව සම්පූර්ණ කරන්න ඉදිරියේදී විශාල වැඩපිළිවෙළක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.” මේ අවස්ථාවට ලංකා ලේලන්ඩ් සභාපති මිල්ටන් සමරසිංහ, ලංකා අශෝක් ලේලන්ඩ් ප්‍රධාන විධායක නිලධාරී උමේෂ් ගෞතම්, කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්, ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ReeCha