චීනයෙන් හොරෙන්ම මෙරටට ගෙනා සොසේජස් වල මාරාන්තික වෛරසයක්.

Report

චීනයෙන් ආනයනය කරන ලද ඌරන් මියයෑමට දැඩි බලපෑමක් එල්ල කරන “African swine fever virus” සහිත සොසේජස් තොගයක් රේගු සහ නිරෝධායන අංශ නිලධාරින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව හොර රහසේ මෙරට වෙළෙඳ පොළට නිකුත් කිරීමට ආනයනය කර තිබූ ඒවා බවයි රේගු සහ නිරෝධායන අංශ නිලධාරින් සඳහන් කළේ.

චීනයෙන් හොරෙන්ම මෙරටට ගෙනා සොසේජස් වල මාරාන්තික වෛරසයක්. | A Deadly Virus In Sausages

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව අදාළ ආනයනකරු විසින් ශීත කරන ලද නැවුම් තාරා මස් කිලෝ ග්‍රෑම් 2560 ක්, ශීත කරන ලද නැවුම් කුකුළු මස් කිලෝ ග්‍රෑම් 171 ක්, තායිවාන් ග්‍රිල් සොසේජස් කිලෝග්‍රෑම් 56 ක්, තාරා ඔළු කිලෝ ග්‍රෑම් 132 ක්, කුකුළු තටු කිලෝග්‍රෑම් 20 ක් සහ ස්වීට් කෝන් රෝල් සොසේජස් කිලෝග්‍රෑම් 288 ක් මෙලෙස ආනයනය කර තිබෙනවා.

මෙම සොසේජස් සහිත මස් බහාලුම සම්බන්ධයෙන් රේගු නිලධාරීන් නිරෝධායන අංශවල නිලධාරින්ට දැනුම්දී ඇති අතර, එහිදී අදාළ සාම්පල පරික්ෂාවට ලක් කරනු ලැබුවා.

එහිදී අනාවරණය වී ඇත්තේ,සොසේජස් තුළ “African swine fever virus” නමැති වයිරසය අඩංගු වන බවයි.

චීනයෙන් හොරෙන්ම මෙරටට ගෙනා සොසේජස් වල මාරාන්තික වෛරසයක්. | A Deadly Virus In Sausages

එම වෛරසය අප්‍රිකානු සූකර උණට බලපාන ලද රෝග කාරකය වන අතර ඌරන්ගේ ශරීර තුළට ඇතුළුවූ පසුව රක්තපාත උණ රෝගය ඇති කරන අතර, එහි බලපෑම මත ගෘහස්ථව ඇතිකරන ඌරන් සතියක කාලයක් තුළදී මිය යෑමේ අවදානමක් මතු වෙනවා.

ඒ,අනුව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල කියා සිටියේ, මෙලෙස ආනයනය කර තිබූ,සොසේජස් තොගය පමණක් නොව අනෙකුත් සියලු මස් තොගයද විනාශ කිරීමට නිරෝධායන අංශ තීරණය කළ බවයි.

චීනයෙන් හොරෙන්ම මෙරටට ගෙනා සොසේජස් වල මාරාන්තික වෛරසයක්. | A Deadly Virus In Sausages

අදාල වෛරසය ඌරු ගොවිපොළවලට ඇතුළු වුවහොත් එය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවත්, එම නිසා අදාළ සියලු මස් අද (18 වැනිදා) විනාශ කෙරෙනු ඇති අතර පශු වෛද්‍ය අංශ පෙන්වා දෙන්නේ, මෙම වෛරසය මෙරට බාහිර පරිසර පද්ධතියට බැහැර වූයේ නම් මෙරට ඌරු කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වීමට බරපතළ තර්ජනයක් වන බවයි.

කෙසේ වෙතත් අධ්‍යක්ෂ ජනරාල්වරිය අවධාරණය කළේ, මෙරටට මස් හෝ මස් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීමේදී සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරය අනිවාර්යයෙන්ම ලබාගත යුතු අතර, එවන් අවසරයෙන් තොරව මස් වැනි දෑ ආනයනය කළ නොහැකි බවයි.