කුලියට දුන් නිවසේ අබිරහස් මළ සිරුරක් ...නිවැසියන් පළා ගොසින්..

By Piyumika Dec 09, 2024 03:03 AM GMT
Report

කලාවැව, වලව්වේගම ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (08) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වත්කම් බැරකම් වහාම ලබා දෙන්නැයි දැනුම්දීමක්...

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වත්කම් බැරකම් වහාම ලබා දෙන්නැයි දැනුම්දීමක්...

මෙලෙස ඝතනයට ලක්ව ඇත්තේ වලව්වේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවයි ඉපලෝගම පොලිසිය සඳහන් කළේ.

මළ සිරුර හමු වූ නිවස ඝාතනයට ලක්වූ පුද්ගලයා විසින් වෙනත් ප්‍රදේශයක යුවළක් සඳහා කුලී පදනම මත ලබා දී තිබූ බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව ගැටෙන දෙවන ටෙස්ටි ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි...

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව ගැටෙන දෙවන ටෙස්ටි ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි...

සිරුර හමුවූ එම නිවසේ කුලීයට සිටි යුවළ ද පෙරේදා (07) සිට එම නිවස අතහැර පළා ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

You may like this video