ප්‍රදේශයක්ම රත් වෙයි..හැමෝගෙම ඇස් උඩ යවමින් ත්‍රීරෝද රථයකින් මතු වූ දේ..

Police spokesman Sri Lanka Police Sri Lanka Police Investigation Crime
By Sewvandhi Oct 27, 2024 10:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ ඩෙංගු මර්දන කටයුතු සදහා ගිය නිලධාරීන් පිරිසකට ත්‍රීරෝද රථයක් තුළ තිබී මියගිය වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු වී තිබෙනවා.

වාර්තා වන්නේ, යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක් කරමින් සිටියදී ත්‍රීරෝද රථය තුලට එබී බැලූ නිලධාරීන්ට මෙම මළ සිරුර දැක ගැනීමට හැකි වී ඇති බවයි.

සෞඛ්‍ය නිලධාරීන් වහාම මේ බව කෝපායී පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය පැමිණ එම පුද්ගලයාගේ මළ සිරුර යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා 79 හැවිරිදි යාපනයේ කෙන්යාඩී ප්‍රදේශයේ පදිංචි සින්නතම්බි සිරිකුලන් බවට පොලීසියට තොරතුරු ලැබී ඇති අතර ඔහු මියයාමට හේතුව හෝ ඔහුගේ මළ සිරුර මෙම ත්‍රීරෝද රථය තුළට පැමිණියේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

යාපනය ශීක්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිත පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් පසුව මේ සම්බන්ධයෙන් ස්ථිර යමක් ප්‍රකාශ කිරීමට හැකි බවයි, කෝපායී පොලීසිය පැවසුවේ.