දරුවන් වෙළෙඳාම් කිරීමේ අපරාධ අනාවරණයට මෙහෙයුම් පටිපාටියක්

Report

සංවිධානාත්මක ළමා වෙළෙඳාම් අපරාධ හඳුනා ගැනීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන සඳහා උපදෙස් ලබාදෙන සම්මත මෙහෙයුම් පටිපාටියක් (SOP) රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

රාජකාරි පැය 8 පැය 16 දක්වා සංශෝධනයක් ? දුමින්ද නාගමුව පවසයි.

රාජකාරි පැය 8 පැය 16 දක්වා සංශෝධනයක් ? දුමින්ද නාගමුව පවසයි.

මෙම යෝජනාව, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් කැබිනට්ටුට ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය හා ජාත්‍යන්තර ප්‍රතිපත්ති රාමුවට අනුගත වන පරිදි, ජාතික නෛතික හා නීතිමය සැලසුම් තුළින් එවැනි අපරාධවලට ප්‍රතිචාර දක්වමින් ක්‍රියා කරන බව පෙන්වයි.

රුසියාවෙන් ප්‍රහාරයක් - 17ක් මරුට 200කට වැඩි පිරිසකට තුවාල

රුසියාවෙන් ප්‍රහාරයක් - 17ක් මරුට 200කට වැඩි පිරිසකට තුවාල

මෙම SOP සකස් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය, කාන්තා හා ළමා කාර්යාංශය, පොලීසියේ අපරාධ විමර්ශන ඒකක, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අනෙකුත් පාර්ශ්වකරුවන් එක්ව ක්‍රියාත්මක වී ඇත.

රජයේ රැකියාවකට අලුත් අවස්ථාවක්

රජයේ රැකියාවකට අලුත් අවස්ථාවක්

සම්මත මෙහෙයුම් මාර්ගෝපදේශයන් සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අවසරයද ලබාගෙන ඇති අතර, අදාළ නීති ක්‍රියාත්මක කරන සෙසු ආයතනවලට ඒවා ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි මෙය ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කෙරේ.