දිය නෑමට ගොස් කිඹුලෙකුට බිලි වූ අවසනාවන්ත සිද්ධිය.

By Sewvandhi Jan 03, 2022 08:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් දෙහිවල මුහුදු තීරයේදී කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මසුන් ඇල්ලීමේ නිරතව සිටි කිමිදුම්කරුවෙකු බවට තොරතුරු වාර්තාවෙයි.

කිඹුලාගේ ප්‍රහාරයට ලක්වූ මෙම පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත. දේහය මේ වනවිට කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්මලාන දුම්රිය නිවාසවල පදිංචි 58 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණ වී ඇත.  

එමෙනම,පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු හතරක් අද(03)දින විවෘත කෙරුණා. කෙසේ වෙතත් එමඟින් ගං වතුර අවදානමක් නොමැති බවයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.එස්.පී. සුගීෂ්වර කියා සිටියේ.

එමෙන්ම, කිලිනොච්චියේ පිහිටි ඉරණමඩු ජලාශයේද වාන් දොරටු විවෘත කර තිබෙනවා.

මේ අතර, ඌව පළාතට සහ මඩකලපුව, අම්පාර, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එසේම කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට මිලිමීටර 75 ඉක්මවූ වැසි ඇතිවිය හැකියි. උතුර, උතුරුමැද, නැගෙනහිර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටද අද(03) දිනයේ වැසි අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now