වීදුරුවක් කඩාගෙන වාට්ටුවෙන් පැන ගිය කොවිඩ් ආසාදිතයා(VIDEO)
covid19
Bandarawela
covid patient
Omicron
By Sewvandhi
කොවිඩ් වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු අද (15) දහවල් එහි වීදුරුවක් කඩා පැනගොස් තිබේ. එලෙස පැනගොස් තිබුණේ බණ්ඩාරවෙල දිසා රෝහලේ කොවිඩ් පිරිමි වාට්ටුවේ සිටි ආසාදිතයෙකි.
කෙසේවෙතත් මාර්ගයේ දිවයමින් සිටියදී ඔහුව නැවත අල්ලාගෙන රෝහලට රැගෙන විත් තිබේ. ආසාදිත පුද්ගලයා පැනයන ආකාරය අසල සිටි පුද්ගලයෙකු සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කර තිබුණි.
මේ අතර නව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ලොව රටවල් 77කට ව්‍යාප්තවී ඇති බවට නිල වශයෙන් වාර්තා වී තිබුණත්, එය තවත් රටවල් රැසකට පැතිරී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
එමෙන්ම ඔමික්‍රෝන් ප්‍රභේදය අවතක්සේරුවට ලක්කිරීම ගැන තමා කණස්සල්ලට පත්වී සිටින බව එම සංවිධානයේ ප්‍රධානියා සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |