කබ්රාල් මහ බැංකු අධිපති කිරීමට විරුද්දව නඩු දමයි.. (VIDEO)

By Sewvandhi Sep 13, 2021 10:31 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කිරීමට විරුද්ධව අධිකරණය වෙත පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු සුදානම් වෙමින් පවතී. හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කිරීමට සූදානම් වෙමින් සිටියි.

කබ්රාල් මහතා අද දිනයේ සිය මන්ත්‍රී ධූරයෙන් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඉන්පසු මේ සතියේදිම මහ බැංකු අධිපතිවරයාට භාර ගැනීමට නියමිතව සිටි.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක වෙත නිල වශයෙන් භාර දුන්නා.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගේ හිස්වෙන පාර්ලිමේන්තු අසුන සඳහා ජයන්ත කැටගොඩ පත්වෙනු ඇති.

මේ අනුව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගේ ඉල්ලා අස්වීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි සාරග කාරියවසම් මහතා ඒ බව පැවසීය. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නිවාස දෙසීයක් ඉදිකිරීම සඳහා වන යෝජනාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now