වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ඇතුළු වෘත්තීයවේදීන් ලබන 8 වෙනිදා කරන්න සැරසෙන දේ.
Sri Lanka Economic Crisis
SL Protest
By Wayomi
මාර්තු මස 8 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.
ඒ, අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිවයි.
ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ, පසුගිය (25) වෙනිදා බදු ප්‍රතිපත්තිය සංශෝධනය කරගැනීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.
වෛද්‍යවරු, ඉංජිනේරුවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු සියලු ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි වෘත්තීයවේදීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
සියලු ක්ෂේත්‍රවල වෙනත් වෘත්තීය සංගම් විසින් මාර්තු මස පළමුවැනිදා ක්‍රියාත්මක කරනු ලබන එක් දින සංකේත වැඩවර්ජනයටද මෙම සන්ධානය එක් වීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.. |