පාසල් සිසුන් 10ක් රෝහලට යැවූ ගැටුම - 05ක් අත්අඩංගුවට..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
අද(07) සවස, වැල්ලවත්ත ප්‍රදේශයේ පාසල් දෙකක් අතර පැවති පාපන්දු තරඟයක් අතරතුර දී ප්‍රදේශවාසීන් සමඟ ඇති වූ ගැටුමකින් පාසල් සිසුන් දස දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
එම තුවාල ලැබූ පාසල් සිසුන් කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පස් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වැල්ලවත්ත පොලිසිය විසින් සිදු කරනු ලබයි.
