මැතිවරණ කොමිසමෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට කැඳවීමක්.
මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිලිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදු කරන බවයි.
සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානින් සහ සංස්ථාවල සභාපතිවරුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේ අදාළ රාජ්‍ය නිලධාරින් ලබන සතිය තුල මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා අදාළ දැනුවත් කිරීම සිදු කරන බවයි.