වතු ජනතාවට ඉඩම් ලබා දෙන්න කැබිනට් පත්‍රිකාවක්.

Dr Ramesh Pathirana Sri Lanka Sri Lanka Cabinet
By Hashini Sep 23, 2023 09:17 AM GMT
Hashini

Hashini

Report

වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වතුකරයේ කම්කරුවන් සඳහා පර්චස් 10 බැගින් වූ ඉඩම් කැබලි ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් කරනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ වැවිලි කර්මාන්ත, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන හා සංචාරක සහ ඉඩම් යන අමාත්‍යාංශ එක්ව එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

රමේෂ් පතිරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශන කාරක සභාව රැස් වූ අවස්ථාවේ දීය.  

වතුකරයේ ආසන්න වශයෙන් 250,000ක් වන වතු කම්කරු පවුල්වලින් 60,000කට පමණ මේ වනවිට ඉඩම් අයිතිය ලබා දී ඇති අතර, සෙසු පවුල් සඳහා ඉඩම් අයිතිය තහවුරු කිරීමට හෙක්ටයාර 5,000ක් අවශ්‍ය ව පවතින බව ද අමාත්‍යවරයා එහි දී කියා සිටියා.

වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ පෞද්ගලික වැවිලි සමාගම් සතු ව පවතින භාවිතයට නොගන්නා ඉඩම් පොදු අවශ්‍යතා සඳහා පවරා ගැනීමට සකස් කර ඇති නීති කෙටුම්පත කඩිනමින් ගෙන ඒම සඳහා පක්ෂ බේදයෙන් තොර ව සියලු මන්ත්‍රීවරුන් එක් වී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ යුතු බවයි.  

ReeCha