හිතා ගන්න බෑ කොහොම වුනාද කියලා.. ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක්..

Report

 පොළොන්නරුව, මුස්ලිම් කොලණිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේ සිට නිවසට කාර් රථයෙන් පැමිණි අවස්ථාවේදී අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

ගෝල්ෆේස් පිටියට මොකක්ද මේ කරන්න යන්නේ..

ගෝල්ෆේස් පිටියට මොකක්ද මේ කරන්න යන්නේ..

පොලිසිය පැවසුවේ ඊයේ (05) රාත්‍රියේ මෙම පුද්ගලයා බිම වැටී සිට ඔහුගේ පුතා විසින් පොළොන්නරුව රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මියගොස් සිටි බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.

ඡන්ද විද්‍යාල 230ක් ජයගෙන තවමත් ට්‍රම්ප් පෙරමුණේ..

ඡන්ද විද්‍යාල 230ක් ජයගෙන තවමත් ට්‍රම්ප් පෙරමුණේ..

පොලිසිය කළ මුළික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම මිය ගිය පුද්ගලයා ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු ව්‍යාපාරික ස්ථානයේ සිට තමාගේ නිවසට කාර් රථයෙන් පැමිණ ඇති බවත්, කාර් රථය පණ ගන්වා තිබියදීම ඒ ආසන්නයේ පපුවේ ලේ ගලන තුවාලයක් සහිතව වැටී සිට ඇති බවටත් අනාවරණය වන බැවින් මෙම පහරදීමක් හේතුවෙන් සිදුවූ මරණයක් බවට තවම විමර්ශනය සිදු කරන බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්දව වැඩිදුර විමර්ශන පැවැත්වේ.