ඡන්ද විද්‍යාල 230ක් ජයගෙන තවමත් ට්‍රම්ප් පෙරමුණේ..
By Piyumika
ඇමරිකානු ජනාධිපතිවරණයේ දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ඡන්ද විද්‍යාල 230 ක ජය රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හිමිකර ගෙන තිබෙනවා.
ඒ අනුව දැනට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් පසුවන අතර ඔහු ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 56,524,387 ක්.
එසේම ඔහුගේ ප්‍රතිවාදියා වන ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂක උප ජනපති කමලා හැරිස් ලබා ගත් ඡන්ද 51,387,902 ක් සමග ඇය ඡන්ද විද්‍යාල 187ක් ජයග්‍රහණය කර තිබෙනවා.
සමස්ත ඇමරිකාවේම ඡන්ද විද්‍යාල සංඛ්‍යාව 538ක් වන අතර ජනාධිපතිවරණය ජයගැනීමට නම් ඉන් සියයට 50 ඉක්මවා එනම් ඡන්ද විද්‍යාල 270ක ජය කිසියම් අපේක්ෂකයෙකු තමන් සතු කරගත යුතුයි.