ව්‍යාපාරිකයාගෙන් ව්‍යාපාරිකයාට මන්නපහරක්..(VIDEO)
පිටකොටුව හෙට්ටිවීදියේ රන්බඩු හළක හිමිකරුවෙක් අද (15) පෙරවරුවේ මන්නා පිහියක් රැගෙන තවත් රන්බඩු හළකට කඩා වැදී එහි හිමිකරුට මන්නා පහර දී බරපතල තුවාල සිදුකර ඇති බව පොලිසිය කියයි.
එම සිද්ධියෙන් බරපතල කැපුම් තුවාල ලැබු ව්‍යාපාරිකයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය සඳහන් කරයි. ප්‍රහාරය එල්ල කළ සැකකාර ව්‍යාපාරිකයා ලේ ගලන මන්නා පිහිය ද රැගෙන දෙනෝ දහක් දෙනා බලා සිටියදී පිටකොටුව පොලිසිය වෙත පැමිණ බාර වී ඇත.
තුවාල ලැබු ව්‍යාපාරිකයා සහ සැකකාර ව්‍යාපාරිකයා කෝටිපති ව්‍යාපාරිකයන් බවත්, ඔවුන් කලක සිට මිතුරන් සිට ඇති ඔවුන් දෙදෙනා කිසියම් ප්‍රශ්නයක් මුල කරගෙන දෙදෙනා විරසක වී ඇති බවද පොලිසිය පවසයි.
ඊයේ පෙරවරු 10.20 ට පමණ සැකකාර ව්‍යාපාරිකයා අඩි 2 1/2 පමණ මන්නා පිහියක් ගමන් මල්ලක දමාගෙන ඉහත ව්‍යාපාරිකයාගේ රන් බඩු හල වෙත ගොස් එහිදී එහි සිටි එම ව්‍යාපාරිකයාට මන්නා පිහිපහර එල්ල කර ඇති බවද පොලිසිය පවසයි.
සිද්ධිය වන අවස්ථාවේ එම වෙළෙඳ සැලේ සේවකයින් සිව් දෙනකු හා රන් බඩු මිළ දී ගැනීමට කාන්තාවක් ද සිට ඇති අතර ඔවුන් සියලු දෙනා කෑ ගසාගෙන එම වෙළඳ සැළින් එළියට දුවගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.
රන් බඩු හල්වල පිරිස් හා අවට පිරිස් බලා සිටියදී සැකකාර ව්‍යාපාරිකයා මන්නා පිහියක් රැගෙන එම වෙළෙඳ සැළින් පිටතට පැමිණ ත්‍රිරෝද රථයක ගොඩවී පොලිසියට වෙත පැමිණ ඇත.
එම ව්‍යාපාරිකයාගේ අතකට, හිසට බරපතල තුවාල සිදුව තිබු බවද පොලිසිය කියයි. සැකකාර ව්‍යාපාරිකයා ද කොටහේන ප්‍රදේශයේ පදිංචි (43) හැවිරිදි පුද්ගලයෙකි.
මෙම සිද්ධිය දකුණු ඉන්දියාවේ දෙමළ චිත්‍රපටයක දර්ශන මැවෙන ආකාරයෙන් වෙළෙඳ සැලේ සී සී ටී වී කැමරාවල සියල්ල පටිගත වී තිබු බවද පොලිසිය කියයි සැකකරු අද (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
