අද රෑ රුවන්වැල්ල මාර්ග වැසෙයි - ගමන්කරුවන්ට විශේෂ දැනුම්දීමක්

Sri Lanka Police Lammas Latest Headlines Sinhala news SriLanka News - Gagana
By Shehan Jul 19, 2025 04:38 AM GMT
Shehan

Shehan

Report

රුවන්වැල්ල පොලිස් වසමේ පිහිටි ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය අද (19) රාත්‍රී 10:00 සිට මධ්‍යම රාත්‍රී 12:00 දක්වා වීථි සංචාරය සඳහා නියමිතව ඇත.

මෙම පෙරහැර ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානය අසලින් ආරම්භ වී, කෑගල්ල-කරවනැල්ල මාර්ගය ඔස්සේ කරවනැල්ල දෙසට ගමන් කර, රුවන්වැල්ල රාජසිංහ විදුහල ඉදිරිපිටින් හැරී, ආපසු එම මාර්ගයේම ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානය වෙත ගමන් කිරීමට සැලසුම් කර ඇත.

පෙරහැර ගමන් කරන කාලසීමාව තුළ, එනම් රාත්‍රී 10:00 සිට මධ්‍යම රාත්‍රී 12:00 දක්වා, වරාවල හන්දියෙන් සහ තල්දූව හන්දියෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමට පොලීසිය කටයුතු කරන බව දැනුම් දී ඇත.

මෙම මාර්ගය භාවිත කරන රියදුරන්ට ඇතිවන අපහසුතාවය අවම කිරීම සඳහා පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

විකල්ප මාර්ග

1. කෑගල්ල සිට අවිස්සාවේල්ල දෙසට ගමන් කරන වාහන

වරාවල හන්දියෙන් බුලත්කොහුපිටිය දෙසට හැරී, පරුස්සැල්ල-යටියන්තොට මාර්ගය ඔස්සේ ගමන් කර, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිස අවිස්සාවේල්ල දෙසට ගමන් කළ හැක.

2. අවිස්සාවේල්ල සිට කෑගල්ල දෙසට ගමන් කරන වාහන

තල්දූව හන්දියෙන් වමට හැරී, අමිතිරිගල මාර්ගය ඔස්සේ ගමන් කර, මහදෙනිය හරහා ගෝනගල්දෙනිය-නිට්ටඹුව මාර්ගයට පිවිස, දකුණට හැරී රුවන්වැල්ල ඔරලෝසු කණුව අසලින් වමට හැරී කෑගල්ල දෙසට ගමන් කළ හැක.

මෙම විකල්ප මාර්ග භාවිතය තුළින් රියදුරන්ට ගමනාගමන බාධා අවම කර ගත හැකි බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

ReeCha