තවත් දිස්ත්‍රික්කයක ඇගලුම් කම්හලකින් කොවිඩ් පොකුරක් මතුවෙයි

covid-19 corona garment factory
By Thaya Dec 25, 2020 11:10 AM GMT
Thaya

Thaya

Report

හැටන් වටවල ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් දස දෙනෙකුට කොවිඩ් -19 වෛරසය අසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට පාලන අධිකාරිය පියවර ගෙන ඇත.

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. කාමදේවන් මහතා පැවසුවේ ඊයේ ( 23) දින ලැබුණු PCR වාර්තා අනුව එම ආසාදිතයින් හඳුනාගත් බවය.

එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ඉකුත් 14 වනදා කොවිඩ් - 19 වෛරස අසාදනය වූ සේවකයෙකු හමු වී තිබුණි.

ඒ අනුව ඔහුගේ සමීප ආශ්‍රිතයින් බවට හඳුනාගත් 60 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකර තිබුණි.

එම වාර්තා ප්‍රතිඵල අනුව සේවකයින් 4 දෙනෙකු සහ සේවිකාවන් 6 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.

කොවිඩ් -19 වෛරසය අසාදනය වූ සේවකයින් දස දෙනාගෙන් සේවිකාවන් පස් දෙනෙකුම වටවල මවුන්ජින් වතුයායේ පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.

සමීප ආශ්‍රිතයින් බවට හඳුනාගත් සේවක සේවිකාවන් 60 දෙනාගේ පවුල්වල සමාජිකයන් 200 දෙනෙකු ද එහිදී ස්වයං නිරෝධානයට යොමු තිබේ.