කුරිරු ලෙස සිදු කළ ඝාතනයක්
Sri Lanka Police Investigation
Crime
Death
Murder
Sinhala news
By Kaushi
හබරාදුව - අමුකොටුව ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 42ක් වූ පිලාන, අඟුලුගහ ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.
එසේම මෙතෙක් සිදු කළ විමර්ශනවලදී හෙළි ව ඇත්තේ පවුල් ආරවුලක් දුරදිග යාම නිසා පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
කෙසේ වෙතත් මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට හබරාදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව පවසයි.