ප්‍රධාන මාර්ගයක පාලම් දෙකක් එකවරම ගිලා බසී..කිසිවෙකු නොසිතූ සිදුවීම මෙන්න.
පවතින අධික වර්ෂාව නිසා මේ දිනවල ජන ජීවිතයට විශාල බලපෑම් සිදුව තිබෙන බව දිවයින පුරා සිව්දෙසින් වාර්තා වනවා.
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් ප්‍රධාන මාර්ගයක සිදු වූ සිදුවීමක් ගැනයි.
ඔඩුවිල් - කලිඔඩේ ප්‍රදේශයේ පාලමක් ගිලා බැස තිබෙනවා.
ඒ හේතුවෙන්, අක්කරෙයිපත්තු - කල්මුණේ මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ ඊයේ (26) උදෑසන පාලමක් කැඩී සම්පූර්ණයෙන්ම ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට බව පොළොන්නරු දිස්ත්‍රික් ආපදා කළමනාකරන කාර්යාලයේ සඳහන් කළා.
ඒ අනුව අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගය අරලගංවිල ප්‍රදේශයෙන් වසා දැමීමට පියවර ගත් බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකොන් සඳහන් කළේ.
You May Like This Video