මෙරට ඉදිකරන ලද පාලමක් කඩා වැටෙයි - දෙදෙනෙක් බරපතළ තුවාල ලබා රෝහලට.. සිදු වූ අනතුරේ තත්ත්වය.. (PHOTOS)
By krishani
ඊයේ (07) කිලිනොච්චිය - කරච්චි භාරතීපුරම් ප්‍රදේශයේ දී මාර්ගයක ඉදිකොට තිබූ පාලමක් කඩා වැටී තිබෙනවා.
ඉන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තවත් දෙදෙනෙකු සුලු තුවාල ලබා ඇති බව කිලිනොච්චිය පොලීසිය සඳහන් කළේ ය.
කරච්චි ප්‍රාදේශීය සභාවට අයත් මෙම පාලම කඩා වැටී ඇත්තේ පාලම මතින් ඊයේ සවස යතුරුපැදියක් ගමන්කරන අවස්ථාවේ දී ය.
එම අනතුරත් සමග යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
එමෙන්ම, එම ස්ථානයෙන් පාගමනින් ගමන්ගත් දෙදෙනෙකු ද සුලු තුවාල ලබා ඇත.