බිත්තර මිල පහළට
By Hashini
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසන්නේ මෙරට දෛනික බිත්තර නිෂ්පාදනය එක්කෝටි පන්ලක්ෂයක් දක්වා ඉහළ යාම හේතුවෙන් බිත්තර මිල පහත වැටී ඇති බවයි.
මේ හේතුවෙන් බිත්තරයක තොග මිල රුපියල් 24 ක් පමණ දක්වා පහළ බැස ඇතැයිද ඔහු ප්‍රකාශ කළේ ය.
ඔහු කියා සිටියේ රටට අවශ්‍ය පැටව් ප්‍රමාණය ලක්ෂයක් පමණ වූවද, ඉකුත් 2022 වසරේදී මෙරටට පැටව් 140,000 ක් ගෙන ඒම නිසා බිත්තර නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවයි.
සාමාන්‍යයෙන් මාසයකට පැටව් ලක්ෂ අට හමාරක පමණ අවශ්‍යතාවය පැවතියද, මේ වනවිට පැටව් ප්‍රමාණය ලක්ෂ 13 ක් 14 ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසුවා.