බෝම්බ පුපුරුවන බවට කිලිනොච්චියට කළ අනතුරු ඇඟවීම.(VIDEO)
කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බෝම්බ පුපුරුවා හරින බවට සඳහන් ලිපියක් කිලිනොච්චියේ නිවසකින් සොයාගෙන තිබෙනවා.
කිලිනොච්චිය මූලස්ථාන පොලීසිය සඳහන් කළේ, තැපැල් කන්තෝරුව පාරේ පිහිටි නිවසකින් මෙය සොයාගත් බවයි.
මෙම ලිපිය නිවසේ තබා ගිය බව කියන නානඳුන කාන්තාවන් දෙදෙනකු සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමටද පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.
" ආගම අපේ හුස්ම හෙට අපි තැන් කිහිපයක බෝම්බ තියන්න සැලසුම් කරලා තිබෙනවා ඒ නිසා පාසල් යවන්න එපා යැව්වොත් මරනවා. මෙම ලියුම ගැන ඔයාලා වෙන අයකුට දැනුවත් කළොත් මරනවා අනිවාර්යෙන්ම අපි එය කරනවා." යනුවෙන් ලිපියේ සඳහන් කර ඇති බව සඳහන්.
එමෙන්ම මෙම ලිපියේ ජංගම දුරකථන අංක දෙකක් ද සඳහන් කර තිබූ අතර එක් ජංගම දුරකථනයක් ඉදිරියෙන් අපේ නායකයා යනුවෙන් සඳහන් කර අත්ජි බව දපොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ, අනුව ලිපියේ සඳහන් කර තිබූ එම ජංගම දුරකථන අංක 2ක ඔස්සේ පොලිසිය වෙනමම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |