උත්සවයක් අතරතුර දී පුද්ගලයින් 09 දෙනෙකු මරුට

By Mithu Apr 27, 2025 01:24 PM GMT
Report

කැනඩාවේ අගනුවර වන වැන්කුවර් නගරයේ පිලිපීන ජාතිකයින් විසින් පැවැත් වූ උත්සවයක සිටි පිරිසක් දෙසට එකවැර මෝටර් රථයක් ධාවනය කිරීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ තවත් බොහො පිරිසක් තුවාල ලබා ඇති බව එරට පොලීසිය විසින් තහවුරු කර ඇති බවය.

සංගීත දිනීගේ ආදරණීය දවසේ කවුරුත් නොදුටු ඡායාරූ එකතුව

සංගීත දිනීගේ ආදරණීය දවසේ කවුරුත් නොදුටු ඡායාරූ එකතුව

මෝටර් රථය පැදවූ සැකකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචිව සිටින 30 හැවිරිදි පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත. එමෙන්ම එරට පොලීසිය පවසා ඇත්තේ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවයි. කෙසේ වෙතත් සැකකරුගේ අනන්‍යතාවය තවමත් ප්‍රසිද්ධ කර නොමැති බව සඳහන් වේ.

කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම බිහිසුණු සිදුවීම් ගැන අසා තමන් කම්පාවට පත් ව සිටන බවය. මෙම අනතුරු එරට වෙලාවෙන් 26 වන සෙනසුරාදා රාත්‍රී 8ට පමණ (GMT 03:00, BST 04:00) සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඩෑන් නිසා දිල්කා දෙරණට දෙහි කපයි

ඩෑන් නිසා දිල්කා දෙරණට දෙහි කපයි