රාජ්‍ය විශ්වවිද්‍යාලයක බොම්බයක් පුපුරා යයි - 03ක් ජිවිතක්ෂයට පත් ව 09ක් තුවාල ලබයි.. වහාම සියලුම අධ්‍යයන කටයුතු අත්හිටුවයි.. (PHOTOS)
By krishani
පිලිපීනයේ මින්දනාවෝ ප්‍රදේශයේ කතෝලික දේව මෙහෙයක් අතරතුර පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 09 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.
මෙම පිපිරීම සිදු වී ඇත්තේ පිලිපීනයේ මින්දනාවෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ව්‍යායාම් ශාලාවක පැවති කතෝලික දේවමෙහෙයක දී ය.
එහිදී විශ්වවිද්‍යාල පරිශ්‍රයට අතිරේක ආරක්ෂක කාර්ය මණ්ඩලයක් යොදවා ඇත.
කෙසේ වෙතත්, නැවත දැනුම් දෙන තුරු විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
