දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වටලයි - පොලීසියෙන් විශේෂ මෙහෙයුමක්
By Mithu
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළ අද ක්‍රියාත්මක කළ පැය දෙකක විශේෂ පොලිස් මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 80 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
දඹුල්ල සහ ඒ අවට පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් ඒකාබද්ධව මෙම මෙහෙයුම දියත් කර ඇත. මෙහිදී මත්ද්‍රව්‍ය සහ වරෙන්තුකරුවන් කොටු වී ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතරින් කිහිපදෙනෙකු සන්තකයේ තිබී ගංජා සහ හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය පවසයි.
එසේම, විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටි වරෙන්තුකරුවන් පිරිසක් ද මෙම පිරිස අතර සිටින බව අනාවරණය වී තිබේ.
පසුගිය කාලයේ නිරන්තරයෙන් ගොවීන්ගේ එළවලු තොග සොරා ගැනීම, වාහනවල අමතර කොටස් ගලවාගෙන යෑම ආදී සමාජ විරෝධී ක්‍රියාකාරකම් වාර්තා වීම හේතුවෙන් මෙම මෙහෙයුම සිදු කර ඇති බවද සඳහන්.