පාර්ලිමේන්තුව නොසන්සුන් - අතුරු ප්‍රශ්නයක් නිසා කථානායකයි රෝහිණියි ඇවිලෙයි

Report

අද දින පාර්ලිමේන්තුවේදී රෝහිණි කුමාරි විජේරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සහ කථානායකවරයා අතර යම් නොසන්සුන්තාවයක් ඇති විය. ඒ අතුරු ප්‍රශ්න විමසීමක් සම්බන්ධයෙන්.

එහිදී ඇයගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ඇසූ බවට කථානායකවරයා ප්‍රකාශ කිරීමත් සමඟ තමා පළමු ප්‍රශ්නයට දුන් පිළිතුරේ අඩුවක් පැහැදිලි කළ බවත් තවමත් දෙවෙනි අතුරු ප්‍රශ්නය විමසූ නැති බවත් ප්‍රකාශ කළා.

එහිදී කථානායකවරයා විසින් කාලේ කෑමේ අවශ්‍යතාවයක් නැති බව පැවසීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විසින් " ඔබතුමාගේ පුදුම කලබලයක්නේ" යනුවෙන් ප්‍රකාශ කළා.

අද දහවල් 12 ට නව ආර්ථික සහන පැකේජයක් - දැනුම්දීමට ජනපති පාර්ලිමේන්තුවට එන බව බිමල් දන්වයි

අද දහවල් 12 ට නව ආර්ථික සහන පැකේජයක් - දැනුම්දීමට ජනපති පාර්ලිමේන්තුවට එන බව බිමල් දන්වයි

පසුව ඇය විසින් තම දෙවැනි අතුරු ප්‍රශ්නය යොමු කර සිටියා.

" අද මධ්‍යම පළාත ලොකු ප්‍රශ්නයක් තියෙනවා ගිලන් රථ රියදුරන් වැඩ වර්ජනයක ඉන්නවා. ඒකට හේතුව ඒ අය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් පිට දෙපාර්තමේන්තුවලට අනුයුක්ත කරලා ඉන්නවා. අද ආණ්ඩුකාරවරයා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රය අරන් තියෙන මේ තීන්දුව උඩ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ලොකු ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒ පිළිබඳ ඔබ ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද"යනුවෙන්.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රථම වතාවට අධිකරණයට ඉදිරිපත් වූ වාර්තාව සමඟ කිරිඇල්ලත් කට අරී

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රථම වතාවට අධිකරණයට ඉදිරිපත් වූ වාර්තාව සමඟ කිරිඇල්ලත් කට අරී

ඊට පිළිතුරු ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළේ,

" අපේ ගිලන් රථ රියදුරන් ගත්තහම දෙපිරිසක් ඉන්නවා. එකක් තමයි අපි මධ්‍යම රජය යටතේ ගිලන් රථ රියදුරන් බඳවා ගෙන තියෙනවා. ඔවුන් ගිලන් රථ රියදුරන් විදිහට තමයි බඳවා ගන්නේ. ඊට අමතරව පළාත් සභා යටතේ පවතින රෝහල් තියෙනවා. ඒකේ රියැදුරන්ගේ ඒකාබද්ධ සේවයේ අය තමයි ගිලන් රථ රියදුරන් විදිහට වැඩ කරන්නේ. රාජ්‍ය සේවය වැඩ කරන රියදුරන්ට ගිලන් රථ රියදුරෙක් වීමේ සුදුසුකම තියෙනවා. එතකොට මධ්‍යම පළාත් සභාව එයාලගේ මාරුවීම් ක්‍රියාත්මක කරලා තියෙනවා. අපට රජයක් විදියට ඒකට කරන්න දෙයක් නැහැ. අපි පළාත් සභා ක්‍රමේ පිළිගන්නවා නම් අපිට ඒක පිළිගන්න වෙනවා. අපි සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් හිතනවා අපිට ඒකෙන් ලොකු ප්‍රශ්නයක් නෑ කියලා" යනුවෙන්.

ඇත්තටම පැය ගානක් විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් රජයෙන් ප්‍රකාශක්

ඇත්තටම පැය ගානක් විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් රජයෙන් ප්‍රකාශක්