සහන පැකේජය අරන් ජනපති පාර්ලිමේන්තුවට
රජය විසින් හඳුන්වා දී ඇති නව ආර්ථික සහන පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට නොබෝ වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ තිබේ.
අද (07) පෙරවරුවේ සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේ අදාළ සහන පැකේජය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවත්, එය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා දහවල් කාලයේදී සභාවට පැමිණෙන බවත්ය.
ඒ අනුව ජනාධිපතිවරයා මේ වන විට සභාගර්භයට පැමිණ සිටින අතර, පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ මහජනතාවට ලබාදීමට නියමිත විශේෂ සහන පිළිබඳව ඔහු විසින් එහිදී කරුණු ඉදිරිපත් කරනු ඇත.