සියලුම ජනතාවට දැනුම්දීමක් - මේ රාජ්‍ය ආයතනවලින් කියලා, අවුරුදු කුමාරි තරගවලින් කියලා පණිවුඩ ආවොත් දැඩිව ප්‍රවේශම් වෙන්න

Report

සිංහල සහ දමිළ අලුත් අවුරුදු සමය සමඟ සමාජ මාධ්‍ය වේදිකා හරහා සිදුවන මාර්ගගත වංචා සහ මුදල් වංචා ඉහළ යා හැකි බැවින්, ඒ පිළිබදව අවධානයෙන් සහ සුපරීක්ෂාකාරීව කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.

ඒ අනුව එම සංසදය සඳහන් කරන්නේ මෙම උත්සව සමය තුළදී සයිබර් අපරාධකරුවන් මහජන විශ්වාසය පළදු කරමින් විවිධ වංචනික ක්‍රමෝපායයන් ක්‍රියාත්මක කරන බව නිරීක්ෂණය වී ඇති බවයි.

විශේෂයෙන්ම, රාජ්‍ය සේවා සපයන ආයතන දෙපාර්තමේන්තු, ප්‍රසිද්ධ වෙළෙඳසැල් සහ ව්‍යාපාරික ආයතන ලෙස ව්‍යාජව පෙනී සිටිමින් මහජනතාව නොමඟ යැවීමේ සිද්ධීන් පිළිබඳව සැලකිය යුතු තොරතුරු වාර්තා වී ඇති බව පවසයි.

දිවයිනටම පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් - අවුරුදු කටේ මුළු ලංකාවටම දීපු භයානක අනතුරු ඇඟවීම

දිවයිනටම පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් - අවුරුදු කටේ මුළු ලංකාවටම දීපු භයානක අනතුරු ඇඟවීම

එසේම මෙම වංචනිකයන් ව්‍යාජ දීමනා, විශේෂ වට්ටම්, මුදල් ත්‍යාග සහ තෑගි ලබාදෙන බවට පොරොන්දු වෙමින් ආකර්ෂණීය පණිවිඩ කෙටි පණිවිඩ සහ සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ප්‍රචාරය කරන බව දැනුම් දී ඇත.

එමෙන්ම ඔවුන් වංචනික සබැඳි (links) බෙදා හරිමින්, එම සබැඳි හරහා මුදල් ගෙවීමට හෝ පුද්ගලික තොරතුරු ලබා දීමට මහජනතාව පොළඹ වන ආකාරය නිරීක්ෂණය වී ඇති බව සඳහන් කරයි.

මේ ආකාරයේ වංචනික ක්‍රියාමාර්ග හේතුවෙන් බොහෝ පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වලින් සෘජුවම මුදල් අහිමි වූ අවස්ථා වාර්තා වී තිබෙන අතර එමෙන්ම සමාජ මාධ්‍ය වේදිකා භාවිතා කර සිදුකරන අවුරුදු කුමාරි තරග වැනි ක්‍රම යොදාගනිමින් ඡායාරූප ලබා ගෙන ඒවා අවභාවිතා කිරීමේ උත්සහායන් ද ක්‍රියාත්මක බව වැඩිදුරටත් ඔවුන් දැනුම් දෙයි.

අලුත් අවුරුද්දෙන් පස්සේ දවසම වෙන්න යන දේ - අප්‍රේල් 15 ගැන රටටම විශේෂ දැනුම්දීමක්

අලුත් අවුරුද්දෙන් පස්සේ දවසම වෙන්න යන දේ - අප්‍රේල් 15 ගැන රටටම විශේෂ දැනුම්දීමක්

එබැවින් ශ්‍රී ලංකා සර්ට් ආයතනය මහජනතාවගෙන් පහත කාරණා පිළිබද අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටියි.

•සැක සහිත සබැඳි මත ක්ලික් නොකිරීම.

• පුද්ගලික තොරතුරු (ජාතික හැඳුනුම්පත් අංක, බැංකු විස්තර ආදිය) ඡායාරූප බෙදා නොගැනීම.

• එක් වරක් භාවිතා කළ හැකි මුරපද (OTP) කිසි විටෙකත් අනාවරණය නොකිරීම.

තවද ඔවුන් අවධාරණය කරන්නේ රාජ්‍ය ආයතන හෝ විශ්වාසනීය පුද්ගලික ආයතන කිසිවිටෙකත් සමාජ මාධ්‍ය, කෙටි පණිවිඩ (SMS) හෝ නොදන්නා සබැඳි හරහා මහජනතාවගෙන් සංවේදී තොරතුරු ඉල්ලා නොසිටින බව සැලකිය යුතු බවයි.

මේ පාර අලුත් අවුරුද්දට, අවුරුදු උත්සවවලට යන අයට අනිවාර්යයි - විශේෂ දැනුම්දීමක්

මේ පාර අලුත් අවුරුද්දට, අවුරුදු උත්සවවලට යන අයට අනිවාර්යයි - විශේෂ දැනුම්දීමක්

එබැවින් මෙම උත්සව කාලසීමාව තුළ ඔබට ලැබෙන ඕනෑම සමාජ මාධ්‍ය පණිවිඩ, කෙටි පණිවිඩ, මුදල් ඉල්ලීමක හෝ දීමනා පිළිබඳ තොරතුරක සත්‍යතාව විශ්වාසනීය මාර්ග හරහා තහවුරු කරගන්නා ලෙස ශ්‍රී ලංකා සර්ට් ආයතනය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.  

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්