මේ අයට රජයෙන් දුන් ප්‍රතිලාභය දෙන කාලය තවත් දික් කරයි
By Mithu
2023 වර්ෂයේ සිට 'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ ලබාගන්නා පළමු කණ්ඩායම සඳහා එම ප්‍රතිලාභ ලබාදීමේ කාලසීමාව එළඹෙන ජුනි මාසය දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරන්නේ අදාළ ප්‍රතිලාභීන්ට අඛණ්ඩව සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත කොටවලගෙදර මහතා ප්‍රකාශ කළේ, මෙම පළමු කණ්ඩායමට අයත් ප්‍රතිලාභීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ (Validation) ක්‍රියාවලිය මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
එම ක්‍රියාවලිය අවසන් වූ පසු වඩාත් විනිවිදභාවයකින් යුතුව සුදුස්සන් හඳුනාගෙන ඉදිරි පියවර ගැනීමට නියමිතය.
පවතින ආර්ථික වාතාවරණය හමුවේ අඩු ආදායම්ලාභී පවුල් වෙත ලබාදෙන මෙම සහනය අඩාල නොවී පවත්වාගෙන යාම රජයේ අපේක්ෂාව වී තිබේ.