ඉරානයේ නව නායක මොජ්ටාබා කමේනි සිහිසුන්? පාලනයට සම්බන්ධ වීමට නොහැකි තත්ත්වයක් ගැන රාජ්‍ය තාන්ත්‍රික සටහනකින් එළියට

Report

ඉරානයේ උත්තරීතර නායක මොජ්ටාබා කමේනි (Mojtaba Khamenei) දැඩි ලෙස රෝගාතුරව හෝ සිහිසුන්ව සිටිය හැකි බව රාජ්‍යතාන්ත්‍රික සටහනකින් (Diplomatic memo) අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනි සිහිසුන්ව සිටින අතර කොම් නගරයේ "දරුණු" වෛද්‍ය ගැටලුවක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔහුට රට පාලනය කිරීමට නොහැකි බවත් ටයිම්ස් උපුටා දක්වන බුද්ධි තක්සේරුවකට අනුව වාර්තා වන බව සඳහන්.

එමෙන්ම එක්සත් ජනපද-ඊශ්‍රායල් බුද්ධි තොරතුරු මත පදනම් වූ සහ ඔවුන්ගේ ගල්ෆ් සහචරයින් සමඟ බෙදාගත් රාජ්‍ය තාන්ත්‍රික සංදේශයක සඳහන් වන්නේ,

ඉරානය විනාසයි? අද රෑ 8න් පස්සේ ඉරානයට අත්වන ඉරණම ගැන ට්‍රම්ප් කියපු දෙයින් මුළු ලොවම බියෙන්

ඉරානය විනාසයි? අද රෑ 8න් පස්සේ ඉරානයට අත්වන ඉරණම ගැන ට්‍රම්ප් කියපු දෙයින් මුළු ලොවම බියෙන්

"මොජ්තාබා කමේනිට කොම් හි දරුණු තත්ත්වයකින් ප්‍රතිකාර ලබා දෙන අතර, පාලන තන්ත්‍රයේ කිසිදු තීරණයකට සම්බන්ධ වීමට නොහැකිව සිටී," යනුවෙන්.

කෙසේ වෙතත් ඉරානයේ උත්තරීතර නායකයා සිටින ස්ථානය පිළිබඳ තොරතුරු එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඔත්තු සේවා ආයතන විසින් යම් කාලයක් තිස්සේ දැන සිටි බව වාර්තා වුවත් මීට පෙර ප්‍රසිද්ධ කර නොතිබීම විශේෂත්වයක්.

ඊට අමතරව වාර්තාවට අනුව, පෙබරවාරි 28 වන දින ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් ඝාතනයට ලක් වූ වැඩිමහල් කමේනිගේ දේහය, ෂියා පූජක බලයේ වාසස්ථානය වශයෙන් සැලකෙන කොම් හි භූමදානය සඳහා සූදානම් වෙමින් පවතියි. 

මැදපෙරදිග යුද්ධෙන් ලෝකෙටම වෙන්න යන විනාසේ - අප්‍රේල් 14 ට කළින්ම IMF එකෙන් අනතුරු ඇඟවීමක්

මැදපෙරදිග යුද්ධෙන් ලෝකෙටම වෙන්න යන විනාසේ - අප්‍රේල් 14 ට කළින්ම IMF එකෙන් අනතුරු ඇඟවීමක්

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමේ ගාස්තු අමෙරිකාවට අය කළ හැකියි: ට්‍රම්ප්

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමේ ගාස්තු අමෙරිකාවට අය කළ හැකියි: ට්‍රම්ප්