කතානායක නිල නිවසේ බඩු වට්ටෝරු පොත අතුරුදන්වීමේ සිද්ධියට 8ක් අත්අඩංගුවට
කතානායකවරයාගේ නිල නිවසේ භාණ්ඩ වට්ටෝරු පොත අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා එහි සේවකයන් අට දෙනෙකුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිපාලන) මාර්ගයෙන් අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් මෙම දැනුම් දීම සිදු කර ඇත.
ඒ අනුව ඊයේ (02) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි එක් සේවකයෙකුගෙන් පැය කිහිපයක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, අනෙක් සේවකයන් හත්දෙනා ලබන ඔක්තෝබර් 12, 13, 15 සහ 16 යන දිනවල කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.
කතානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇති පසුබිමක මෙම භාණ්ඩ වට්ටෝරු පොත අතුරුදන්ව ඇති අතර, සිද්ධියට අදාළව කතානායක නිල නිවසේ කළමනාකාර පසන් අතුකෝරළ මහතාගෙන් ද පසුගියදා පැය පහකට ආසන්න කාලයක් අල්ලස් කොමිසම විසින් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගන්නා ලදී.