මතට තිත - අද දිවයිනේ සියලුම සුරාසල් වසයි - නිවේදනයක්
ලෝක අමද්‍යප දිනය අද (03) දිනට යෙදී ඇත. එබැවින් මෙරට සියලු සුරාසල් අද දිනයේ වසා තබන බවට සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
ලෝක අමද්‍යප දිනය වාර්ෂිකව ඔක්තෝම්බර් මස 03 වන දින සමර අතර එහි අරමුණ වන්නේ අමද්‍යප ව්‍යාපාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, මධ්‍යස්ථභාවය දිරිගැන්වීම සහ මධ්‍යසාර පාන භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමයි.
එමෙන්ම ලොව පුරා පුද්ගලයින් මිලියන 03කට ආසන්න සංඛ්‍යාවක් මධ්‍යසාර නිසා මියයන බවට තොරතුරු වාර්තා වේ.