ඊශ්‍රායල් යන්න කියලා මේවට නම් අහුවෙන්න එපා - අත්අඩංගුවට
ඊශ්‍රායලයේ රැකියා අවස්ථා ලබාදෙන බවට කියා රුපියල් ලක්ෂ 12ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව එම කාර්යංශය සඳහන් කළේ අදාළ සැකකරු ඉකුත් මහමැතිවරණය සඳහා කළුතර දිස්ත්‍රික්කය සඳහා පෙනී සිටි අයෙකු වන අතර, ඔහු පසුගිය රජය සමයේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් ද පෙනී සිට ඇති බවට විමර්ශනවල දී හෙළ වී ඇති බවයි.
එමෙන්ම සැකකරු විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය තුළට අදාළ පැමිණිලිකරු කැඳවාගෙන ගොස් විශ්වාසයක් ඇතිවන ලෙස කටයුතු කර මෙම වංචාව සිදුකර ඇති බවටත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ කාර්යාල සහකාර තනතුරුවලට පුද්ගලයන් බඳවා ගැනීම සඳහා ව්‍යාජ ලෙස සකස් කරන ලද ලේඛන ද සොයාගෙන තිබෙනවා.
තවද මොහු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් මෙම වංචනික ක්‍රියාවන් දීර්ඝ කාලයක් පූරා සිදුකර ඇති බවට කරුණු හෙළි වී ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.