නියමු කුටියේ හදිසි ආරක්ෂක සිදුවීමක් - ඩුබායි සිට ගිය යානය සෞදියට හරවා යැවූ Flydubai සමාගම කියන කතාව

By Kanchana Oct 03, 2026 03:28 AM GMT
Report

සැප්තැම්බර් 30 වනදා ඩුබායි සිට ටෙල් අවිව් බලා පියාසර කළ Flydubai FZ 1073 ගුවන් යානයේ සිදුවූ ආරක්ෂක සිදුවීමකින් පසු, එහි ගමන් කළ මගීන් 172 දෙනා සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ආරක්ෂිත බව Flydubai සමාගම තහවුරු කර තිබේ.

Flydubai ප්‍රධාන විධායක නිලධාරී ගයිත් අල් ගයිත්  විසින් නිකුත් කළ නිල ප්‍රකාශයක් ඩුබායි මාධ්‍ය කාර්යාලය හරහා ප්‍රසිද්ධියට පත් කරමින් මේ බව සඳහන් කර ඇත. ප්‍රකාශයට අනුව, ගුවන් යානයේ නියමු කුටිය තුළ සිදුවූ ආරක්ෂක සිදුවීමක් හේතුවෙන් යානය සෞදි අරාබියේ Tabuk වෙත හරවා යවා තිබේ.

සිදුවීමෙන් පසු ගුවන් යානයේ කපිතාන්වරයා වෛද්‍ය අනුමැතිය ලබාගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ආපසු පැමිණ ඇති අතර, සිදුවීමෙන් බලපෑමට ලක්වූ මගීන් ඇතුළු සියලු දෙනාට අඛණ්ඩව සහාය ලබාදෙන බව Flydubai පවසයි.

යානය ආරක්ෂිතව පාලනය කර ගොඩබෑමට කටයුතු කළ කපිතාන්වරයා, අනෙකුත් නියමුවන් සහ කැබින් කාර්ය මණ්ඩලය වෙත Al Ghaith සිය ස්තූතිය පළ කර තිබේ. එමෙන්ම, සිදුවීම අතරතුර කාර්ය මණ්ඩලයට සහාය වූ මගීන්ටද ඔහු කෘතඥතාව පළ කළේය.

යානය හරවා යැවීමෙන් අනතුරුව ලබාදුන් සහාය සහ ප්‍රතිචාරය වෙනුවෙන් සෞදි අරාබියේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන්ටද Flydubai සිය ස්තූතිය පළ කර ඇත.

මේ අතර, බලධාරීන්ගේ උපදෙස් මත ටෙල් අවිව් වෙත සිදුකරන ගුවන් මෙහෙයුම් මීළඟ දැනුම්දීමක් කරන තුරු තාවකාලිකව අත්හිටුවා ඇති බව සමාගම තහවුරු කර තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් නිල විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එම විමර්ශනය සඳහා Flydubai සමාගම පූර්ණ සහයෝගය ලබාදෙන බව  සඳහන් කළේය. “FZ 1073 ගුවන් යානය තුළ සිදුවූ දේ පිළිබඳව බොහෝ ප්‍රශ්න පවතින බව මම දනිමි.

සත්‍ය කරුණු තහවුරු කර ගැනීම සඳහා නිල විමර්ශන ක්‍රියාවලියට ඉඩ ලබාදීම වැදගත්,” යනුවෙන් ඔහු පැවසීය.

කෙසේ වෙතත්, විමර්ශනය අවසන් වන තෙක් නියමු කුටිය තුළ සිදුවූ ආරක්ෂක සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළි නොකරන බව Flydubai සඳහන් කර ඇත.

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

රුපියල තවත් ශක්තිමත් වෙයි - ප්‍රධාන බැංකුවල අද ඩොලර් අනුපාතික මෙන්න

රුපියල තවත් ශක්තිමත් වෙයි - ප්‍රධාන බැංකුවල අද ඩොලර් අනුපාතික මෙන්න