ඉරාන නෞකා නිසා ලංකාවම බය වුණු සම්බාධකය ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

Report

ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ කොටුවී ඇති ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමක් සිදු කරන බවට අමෙරිකාව විසින් අනතුරු අඟවා ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය මඟින් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

ඒ අනුව විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, අධ්‍යක්ෂ ජෙනරාල් තුෂාර රොඩ්රිගෝ මහතා පවසා ඇත්තේ, මෙම අමෙරිකානු ද්විතීයික සම්බාධක (Secondary Sanctions) යනු කිසියම් විශේෂ රටක් හෝ ශ්‍රී ලංකාව ඉලක්ක කර පනවන ලද්දක් නොව, ලොව පුරා පොදුවේ ක්‍රියාත්මක වන ඔවුන්ගේ සාමාන්‍ය ගෝලීය ප්‍රතිපත්තියක් බවයි.

අලුත් නීතියක් - 1 වනදා සිට බලාත්මක වන පරිදී මේ විවාහ නිල වශයෙන් තහනම්

අලුත් නීතියක් - 1 වනදා සිට බලාත්මක වන පරිදී මේ විවාහ නිල වශයෙන් තහනම්

එසේම ඔහු සිය නිවේදනයෙන් දැනුම් දී ඇත්තේ, අදාළ ද්විතීයික සම්බාධක සම්බන්ධයෙන් අමෙරිකාව අගෝස්තු 24 වැනිදා නිවේදනයක් නිකුත් කර තිබෙන බවත්, අමෙරිකානු සම්බාධකවලට ලක්ව ඇති නෞකා සඳහා සේවා සපයන පුද්ගලයන්ට හෝ ආයතනවලට අමෙරිකානු මූල්‍ය පද්ධතියට ප්‍රවේශය අහිමි වීමේ අවදානමක් ඇති බවත් ය.

අඳාළ පියවර අමෙරිකා එක්සත් ජනපදයේ පුළුල් සම්බාධක ප්‍රතිපත්තියේ කොටසක් බවත්, එය ගෝලීය ලෙස ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාව විශේෂයෙන් ඉලක්ක කරගත් පියවරක් නොවන බවත් ඔහු අවධාරණය කර ඇත.

එබැවින් මෙවැනි සම්බාධකවලට ලක්වන නෞකා ඉන්දියානු සාගරයට පමණක් සීමා නොවන බවද ඔහු පෙන්වා දී ඇත.

කුකුළු මස් හා බිත්තර ගැන නරක ආරංචියක් - මිල ඉහළ යෑමේ අවදානමක්

කුකුළු මස් හා බිත්තර ගැන නරක ආරංචියක් - මිල ඉහළ යෑමේ අවදානමක්

තුෂාර රොඩ්රිගෝ මහතා අඳාළ නිවේදනයෙන් තවදුරටත් කියා ඇත්තේ පවතින ගැටුම් සහ ඒවාට සම්බන්ධ භූ දේශපාලනික වර්ධනයන් හේතුවෙන් ලෝකයේ අනෙකුත් සාගර කලාපවලද මෙවැනි නෞකා පවතින බවයි. 

ශ්‍රී ලංකාවේ නිරිතදිග මුහුදු තීරයට සැතපුම් 15ක් පමණ දුරින් ඉරානයට සම්බන්ධ තෙල් නෞකා 20ක් පමණ මේ වන විට අතරමං වී ඇති බව වාර්තා විය.

එසේම දැඩි අමෙරිකානු සම්බාධක සහ නාවික අවහිරතා නිසා මෙම නෞකා දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අතර, ඇතැම් යාත්‍රාවල ආහාර, ඉන්ධන සහ පානීය ජල හිඟයක්ද මතු වී ඇති බව සඳහන් විය.

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

Gallery