ප්‍රදේශ දෙකක විහාරස්ථානවල හිමිවරුන් 30ට ආසන්නව Covid ආසාදිතවෙයි - සංචරණය සීමා කරන්නැයි ඉල්ලයි..
නාවලපිටිය, බව්වාගම ප්‍රදේශයේ පිරිවෙනක ස්වාමින් වහන්සේලා පිරිසකට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ. එම විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ සහ එහි වැඩ විසූ සාමණේර හිමිවරුන් 8 දෙනෙකු එලෙස ආසාදිත වී ඇතැයි පස්බාගේ කොරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ලලිත් කොළමුන්න මහතා පැවසිය.
එම පිරිවෙනෙහි වැඩම කර සිටින සාමණේර හිමිවරුන් සිව්දෙනෙකු ඉකුත් 29 වනදා කොවිඩ් -19 රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගිය අවස්ථාවේ දී සිදුකළ පීසීආර් පරීක්ෂණ අනුව කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.
පසුව විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩසිටි සියලුම භික්ෂූන් වහන්සේලාගේ පීසීආර් පරීක්ෂණ සිදුකර ඇත. එහිදී තවත් ආසාදිතයින් 5 දෙනෙක් හඳුනාගෙන ගත් බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේය.
පසුව ආසාදිත බවට හඳුනාගත් නායක ස්වාමින් වහන්සේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් යොමුකර ආසාදිත සාමණේර හිමිවරු සහ ආශ්‍රිත තවත් සාමණේර හිමිවරු 13 දෙනෙක් එම විහාරස්ථානයේ ම ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.
විහාරස්ථානයට දානය රැගෙන එන බැතිමතුන් විහාරස්ථානය ඉදිරිපිට තබා ඇති මේසය මත දානය තබා යන ලෙස ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඉල්ලීමක් කරයි.
මේ අතර ,දියතලාව කහගොල්ල ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන හිමිවරුන් 20 දෙනකුට කෝවිඩ් 19 ආසාදිත වී ඇති බවට තහවුරු විණැයි හපුතලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් සුදර්ශන මහතා අද (02) දින පැවසීය.
දියතලාව කහගොල්ල ආරණ්‍ය සේනාසනයේ හිමිවරුන් 38 දෙනකු පමණ වැඩ වසන බවත් කාර්ය මණ්ඩලය සමග පනස් හත් දෙනකු පමණ සිටින බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
හිමිවරුන්ට සෞඛ්‍යාරක්ෂිතව ආව තේව කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවත් සියලු හිමිවරුන් ඇතුළු ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇති බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |