පුද්ගලයින් 8 063 ක් තවදුරටත් නිරෝධායනයේ

Covid-19 Quarantine
By Thaya Feb 07, 2021 08:48 PM GMT
Thaya

Thaya

Report

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 87 ක් තුල පුද්ගලයින් 8 063 දෙනෙක් තවදුරටත් නිරෝධායන වෙමින් පසුවනවා. අද දිනය වන විට කොවිඞ් 19 වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 68 575 දෙනාගෙන් මේවන විට පුද්ගලයින් 62 දහස් 593 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කලේ. මේ අතර රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ තවත් පුද්ගලයින් 5631 ක් ප්‍රතිකාර ලබන බවද කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත්කල නිවේදනයේ සදහන්.