සංචාරක හෝටලයක් කළඹමින් මෙරට හිටපු ඉන්දුනීසියානුවන් 76ක් හදිසියේ අත්අඩංගුවට - හේතුව මෙන්න

Report

නීතිවිරෝධී ආකාරයෙන් මෙරට රැදී සිටි ඉන්දුනීසියානු ජාතිකයන් 76දෙනෙකු අද (20) දින පස්වරුවේ මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ලද බුද්ධි තොරතුරු මත එහි විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අඳාළ වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් පිරිස සංචාරක වීසා සහ ව්‍යාපාරික වීසා පහසුකම් යටතේ මෙරටට පැමිණ ඇති අතර, ඉන් 36දෙනෙකුගේ වීසා කාලය කල් ඉකුත් වී ඇති බව වාර්තා වේ.

පළාතක්ම කැළඹෙයි - දියණියව විසික් කර පිරිසක් කාන්තාවක්ව පාලු ළිඳකට දාලා - බේර ගන්න යද්දි ළිදේ තවත් මළ සිරුරක්

පළාතක්ම කැළඹෙයි - දියණියව විසික් කර පිරිසක් කාන්තාවක්ව පාලු ළිඳකට දාලා - බේර ගන්න යද්දි ළිදේ තවත් මළ සිරුරක්

එමෙන්ම අනෙක් ඉන්දුනීසියානු ජාතිකයන් 40දෙනා, වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ආකාරයට මෙරට තුළ රැදී සිට ඇති බව සඳහන්.

එම ඉන්දුනීසියානු ජාතිකයන් වයස අවුරුදු 25ත් 35 අතර පසුවන්නන් වන අතර ඔවුන් අතරින් 06දෙනෙකු කාන්තාවන් බව ද වාර්තා වී ඇත.

එසේම ආගමන විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතාගේ උපදෙස් මත මෙම පිරිස, වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ඇත.

කෙසේ වුවත් ඔවුන් කඩිනමින් මෙරටින් පිටුවහල් කිරීමට පියවර ගන්නා බවද වාර්තා වේ.

ලංකාවෙම සතුට නැති වෙයි - තවත් අසුබ පුවතක්

ලංකාවෙම සතුට නැති වෙයි - තවත් අසුබ පුවතක්

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

ත්‍රිරෝද රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

ත්‍රිරෝද රියදුරන්ට විශේෂ දැනුම්දීමක්