සහල් ආනයනය ගැන ඇහෙන අලුත්ම කතාව..

By Piyumika Dec 29, 2024 06:05 AM GMT
Report

අද (29) පෙරවරුව වනවිට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා රේගුවේ නවතම තොරතුරු පෙන්වා දෙයි.

ඉන් මෙට්‍රික්ටොන් 32,000ක් කැකුළු සහල් වන අතර, මෙට්‍රික්ටොන් 43,000ක් නාඩු සහල් බව වාර්තා වෙයි.

හරක් කටා සම්බන්දයෙන් ආරක්ෂක බුද්ධි අංශයෙන් අනතුරු ඇඟවීමක්..

හරක් කටා සම්බන්දයෙන් ආරක්ෂක බුද්ධි අංශයෙන් අනතුරු ඇඟවීමක්..

සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය එළැඹෙන ජනවාරි මස 10 දින දක්වා දීර්ඝ කිරීමට රජය පසුගිය දා පියවර ගත්තේය. ඒ අනුව සහල් නිෂ්කාශනය කිරීමේ කටයුතු රේගුව විසින් පසුගිය 26 දා සිට නැවත ආරම්භ කරනු ලැබීය.

එහිදී පසුගිය 27 වනදා උදෑසන වන විට සහල් මෙට්‍රික් ටොන් 72,000ක් ආනයනය කර රේගුව හරහා නිෂ්කාශනය කර තිබුණි.

පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් ගොඩබෑමේදී බිහිසුණු අනතුරකට /UPDATE..(VIDEO)

පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් ගොඩබෑමේදී බිහිසුණු අනතුරකට /UPDATE..(VIDEO)

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ ආනයනය කරන සහල් ඉක්මනින් නිදහස් කිරීම සඳහා රේගුව ආහාර පරීක්ෂකවරුන් හා ශාක නිරෝධායන නිලධාරීන්ගේ සහයෝගයෙන් විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇති බවය.

You may like this video