පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් ගොඩබෑමේදී බිහිසුණු අනතුරකට /UPDATE..(VIDEO)

By Piyumika Dec 29, 2024 02:13 AM GMT
Report

පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබෑමේදී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

කොළඹ මහ නගර සභාවෙන් විශේෂ අනාවරණයක්..

කොළඹ මහ නගර සභාවෙන් විශේෂ අනාවරණයක්..

එම මාධ්‍ය වාර්තාවල දැක්වෙනුයේ ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන ගුවන්තොටුපොළේ තාප්පයක ගැටී ඇති බවය. අනතුරට පත්වන අවස්ථාවේදී මගී ගුවන් යානය තුළ මගීන් 175 දෙනෙකු සහ ගුවන් සේවිකාවන් 6 දෙනෙකු රැඳි සිට තිබුණි.

ගුවන් යානය තායිලන්තයේ බැංකොක් නුවර සිට පියාසර කරමින් තිබූ අතර එය ගොඩබෑමේදි මෙම අනතුර සිදුව ඇත‍.

ඉතා සූක්‍ෂම අයුරින් කෙරුණු ඉන්ධන විකිණීමේ ජාවාරමක් මාට්ටු..

ඉතා සූක්‍ෂම අයුරින් කෙරුණු ඉන්ධන විකිණීමේ ජාවාරමක් මාට්ටු..

කොරියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.

කෙසේ නමුත් මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බවද එම මාධ්‍ය වාර්තා වල සඳහන් වේ. 

UPDATE

දකුණු කොරියානු ගුවන් අනතුරින් මියගිය සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

You may like this video