අත්අඩංගුවට ගෙන පුද්කෘගලයෙකුට කෘර ලෙස වධ හිංසා කෙරූ පොලිස් පරික්ෂක වසර හතක් සිරගෙට

Report

පහරදී තුවාල සිදුකිරීම සහ කෘර ලෙස වධ හිංසා පමුණවීම යන චෝදනාවන් යටතේ වරදකරු වූ පොලිස් පරීක්ෂකවරයකුට, මොනරාගල මහාධිකරණයේ විනිසුරු (පූර්වගාමී) චින්තක ශ්‍රීනාත් ගුණසේකර මහතා අද වසර හතක සිර දඬුවමක් නියම කළේය.

මෙම නියෝගය යටතේ සිර දඬුවම ලැබෙන්නේ සියඹලාණ්ඩුව පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂක ඩී.එම්. සුදු බණ්ඩා දිසානායක නැමැත්තෙකි.

උසස් පෙළ එක් විෂයක් පිළිබඳව සිසුන්ට විශේෂ දැනුම්දීමක් - දැනගෙනම යන්න

උසස් පෙළ එක් විෂයක් පිළිබඳව සිසුන්ට විශේෂ දැනුම්දීමක් - දැනගෙනම යන්න

විත්තිකරු මීට වසර පහකට පමණ කලින් හම්බේගමුව පොලීසියේ සේවය කරන අතර, අයුතු ලෙස පුද්ගලයකු අත්අඩංගුවට ගෙන, පොලීසියේ රඳවා ගනිමින් පහරදී තුවාල සිදු කිරීම සහ කෘර වධ හිංසා කිරීම යන අධි චෝදනා යටතේ මෙම නඩුව කොළඹ විශේෂ විමර්ශන ඒකකය මඟින් පවරා තිබුණි.

සිර දඬුවමට අමතරව, වරදකරුට රුපියල් 10,000ක දඩයක් නියම කරන ලදී. එම දඩය නොගෙවන්නේ නම්, මාස හයක ලිහිල් සිර දඬුවමක් පනවනු ලබන අතර, එමෙන්ම රුපියල් 150,000ක වන්දියක් ගෙවීමටද නියමිතය. වන්දිය නොගෙවන්නේ නම්, වසරක සිර දඬුවමක් ද අදාළ පුද්ගලයාට වින්දිත වන බව නියම කර ඇත.

ආයේ කවදාවත් මේ අයට විශ්‍රාම වැටුප් නැහැ

ආයේ කවදාවත් මේ අයට විශ්‍රාම වැටුප් නැහැ